ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල තවදුරටත් ඉහළට
Related Articles
රුසියා යුක්රේන ගැටුම සහ පවතින බලශක්ති අර්බුදය ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් ලෝක වෙළෙදපොලේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රත්‍රං අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 1,958 ක් ලෙසින්. පසුගිය සති අන්තයේ දී රත්‍රං මිලෙහි සුලු අඩුවීමක් දක්නට ලැබුණ ද ගතවූ දින 30 ක කාලය තුළ රත්‍රං මිල සියයට තුනකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකා ඩොලර් 56 කින්. වසරක් තුළ එහි වැඩිවීම සියයට 13.3 ක් වන අතර එනම් එය ඇමෙරිකා ඩොලර් 230 ක වැඩිවීමක්.