fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රයිගම් ටෙලි සම්මාන ගොන්නක් රූපවාහිනී මහගෙදරට (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2022 11:02

රයිගම් ටෙලි සම්මාන ගොන්නක් රූපවාහිනී මහගෙදරට (VIDEO)

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී මෙවරත් සම්මාන ගොන්නක් හිමිකර ගැනීමට ස්වාධීන රූපවාහිනියට හැකිවුණා.

2020/2021 වසර දෙක සඳහාම වසරේ සම්මානනීය නාලිකාව , වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ඇතුළු සම්මාන රැසකට ස්වාධීන රූපවාහිනිය පාත්‍ර වූයේ රූපවාහිනියේ ප්‍රමුඛයා බවට යළිත් තහවුරු කරමින්.

2020 / 2021 දෙවසර සඳහාම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ඇතුළු විශිෂ්ට අංශයේ සම්මාන සියල්ලම ස්වාධීන රූපවාහිනියට හිමිවීම ද විශේෂත්වයක්.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් රයිගම් ටෙලීස් සම්මාන උළෙල වසර දෙකකට පසු ඊයේ සන්ධ්‍යාවේ උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වුණා. ප්‍රවීණ රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දෙනිය සහ ශ්‍රියානි අමරසේන ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ සම්මාන උළෙලේ දී 2020 සහ 2021 වසර දෙක සඳහාම ඇගයීම් සම්මාන පිරිනැමුණා.

2020 විශිෂ්ටතම ළමා වැඩසටහනට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදිකා තුෂාරි ගමගේ දිනාගත්තා. ඒ ITN ළමා විද්‍යාගාරය වෙනුවෙන්.

වසරේ විශිෂ්ටතම ඒකාගික ටෙලි නාට්‍ය 2020 සම්මානය ස්වාධීන රූපවාහිනීයේ ප්‍රභාත් දුෂාන්ත හිමිකර ගත්තේ ඉස්කෝලේ මහත්මයා ඒකාංගික ටෙලිනාට්‍ය වෙනුවෙන්.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා දෙමළ සම්මානය හිමිවූයේ වසන්තම් නාලිකාවේ මුනියාන්ඩි කවීතා භාරතීටයි.

වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස 2020 / 2021 වසර දෙක සඳහාම ස්වාධීන රූපවාහිනියේ මධුනිකා කරපුටුගල නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටියා.

එමෙන්ම ස්වාධීන රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ලක්ෂ්මන් මත්තුමගම, ඩෙනීෂා හර්ෂනී විතාරණ, උදය කුමාර තෙන්නකෝන්, හේෂාන් වසන්ත ඥානප්‍රිය සහ ජනිත හේවාබටගේ මෙන්ම වසන්තම් නාලිකාව වෙනුවෙන් ක්‍රිස්ටිනා සෙල්වරාජ් සහ කුමාරලිංගම් සාම්බාවි රයිගම් සම්මාන වෙනුවෙන් නිර්දේශවී සිටියා.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ  තණමල්විල කොල්ලෙක් , සකර්ම , සංසාරාරණ්‍ය අසබඩ ඇතුළු ටෙලි නාට්‍ය රැසක ශිල්පීන් සම්මානයට පාත්‍රවුණා.

2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනයට හිමි සම්මානය දිනාගත්තේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය වෙනුවෙන් වසන්ත පූර්ණවංශයි.

2021 එම සම්මානය සකර්ම ටෙලි නාට්‍යයේ අංගරචනය සිදුකළ විදුර ශානක අබේධීරට හිමිවුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය 2020 සදහා තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් චින්තක විජේරත්න සහ රංගන විශ්වජිත් සම්මානයට පාත්‍රා වුණා.

2021 එම සම්මානය හිමිවූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සකර්ම ටෙලි නාට්‍යයේ පියතිස්ස අකුරම්බොඩටයි.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය 2020 තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් තිසර තුල්වන්ට සහ 2021 සඳහා සකර්ම ටෙලිනාට්‍යයේ රවීන්ද්‍ර ආරිය සමරනායකට හිමිවුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය 2020 සදහා තණමල්විල කොල්ලෙක් එස් රාජේන්ද්‍ර සහ 2021 සඳහා සකර්ම වෙනුවෙන් එල් ඒ ජයසේන සම්මාන දිනාගත්තා.

වසරේ විශිෂ්ටතම සංස්කරණය 2020 තණමල්විල කොල්ලෙක් සඳහා ලක්රුවන්ද සේරම් සම්මාන දිනාගත්තා. 2021 වසර වෙනුවෙන් එම සම්මානය හිමිවූයේ සකර්ම සඳහා බුද්ධික රණසිංහටයි.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය 2021 සදහා මහපොළව ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂනය දර්ශන රුවන් දිසානායක සම්මානයට පාත්‍රවුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය වෙනුවෙන් 2021 සදහා සම්මාන හිමිවූයේ සකර්ම ටෙලි නාට්‍යයේ වනේ වන ඵල ගීතය රචනා කළ අසංක රුවන් සාගරටයි.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගායකයා ලෙස 2020 ගිරිදේවී ටෙලි නාට්‍යයේ හීන නොමේරූ ගිතය ගායනා කළ චමිදු ගයාන් දිසානායක සහ 2021 සදහා මහපොළව ටෙලි නාට්‍යයේ  මහ පොළෝ හාන්දුරුවනේ ගීතය ගායනා කළ සුසිත් සිම්සන් සම්මානය දිනා ගත්තා.

වසරේ විශිෂ්ටම ටෙලි නාට්‍ය ගීත ගායිකාව ලෙස 2021 වෙනුවෙන් මහපොළව  ටෙලි නාට්‍ය වෙනුවෙන් මහ පොළෝ හාන්දුරුවනේ ගීතය ගායනා කළ සචිනි නිසංසලා සම්මාන හිමිකර ගත්තා.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා 2020 තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය වෙනුවෙන් දීප්තගේ චරිතය නිරූපණය කළ ධනුක ඩිල්ශාන්  සම්මාන හිමිකර ගනිද්දී 2021 නැගීඑන ටෙලිනාට්‍ය නළුවා හිමිවූයේ පෝක් වීදිය ටෙලි නාට්‍යයේ දේව්ගේ චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූටයි.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙස 2020 සම්මානය හිමිවුයේ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝ ගේ චරිතය නිර්මාණය කළ තිලක්ෂණී රත්නායකයි.

2021 වසර වෙනුවෙන්ද පෝක් විදීය ටෙලි නාට්‍යයේ මන්දිකිණිගේ චරිතය නිරූපණය කළ ශෂී ඇන්ජලීනා එම සම්මානය හිමිකර ගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නලුවා 2020 සම්මානය හිමිවුයේ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ අංජන ප්‍රේමරත්නටයි.

2021 වසර සදහා ද පෝක් විදිය ටෙලි නාට්‍යයේ සමිත සුධීෂ්වර එම අංශයේ සම්මානය හිමිකර ගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිලිය ලෙස 2020 තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝචනා වීරසිංහ සහ 2021 වෙනුවෙන් සකර්ම ටෙලි නාට්‍යයේ අනුරාධ එදිරිසිංහ සම්මානයට පාත්‍ර වුණා.

 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය සදහා 2020 තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ තුසිත ඉන්දික විජයමුණි සම්මාන දිනාගත්තා. 2021 සදහා එම සම්මානය හිමිවූයේ සකර්ම ටෙලි නාට්‍ය වෙනුවෙන් ලාල් වසන්ත කරුණාරත්නටයි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා 2021 වෙනුවෙන් සම්මානය හිමිකර ගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ ලීලාරත්නගේ චරිතය නිරූපනය කළ තුසිත් ලක්නාත්.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස 2020 සඳහා උදාරි වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර වුණා. ඒ සංසාරාරණ්‍යය අසබඩ ටෙලිලනාට්‍යයේ ළමාතැනීගේ චරිතය නිවරූපනය වෙනුවෙන්.

චම්පා ශ්‍රියාණි 2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ සිරියාවතීගේ චරිතය වෙනුවෙන්.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය 2021 තණමල්විල කොල්ලෙක් සඳහා රොෂාන් රවීන්ද්‍ර සම්මානයට පාත්‍ර වුණා. 2021 වසර සඳහා එම සම්මානය හිමිවූයේ සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දුටයි.

වසරේ විශීෂ්ටතම ටෙලිනාට්‍ය 2020 සම්මානය හිමිවූයේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයටයි. ෆාහිම් මවුජුඩ් එම සම්මානය ලබාගත්තා.

2021 වසර සඳහා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සකර්ම සම්මානයට පාත්‍ර වූ අතර චන්දන ලියනගුණවර්ධන එම සම්මානය ලබාගත්තා.

ස්වාධීන රූපවාහිනියේ ප්‍රමුඛයා බවට යළිත් තහවුරු කරමින් 2020 / 2021 වසර දෙක සඳහාම වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා.

එම වසර දෙක සදහාම වසරේ සම්මානනීය නාලිකාව ලෙසද පිදුම් ලැබුවේ ස්වාධීන රූපවාහිනියයි.

ගුණාත්මක මෙන්ම හරවත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන රූපවාහිනී මහ ගෙදර යළි යළිත් රූපවාහිනියේ ප්‍රමුඛයා බවට පත්කළ ප්‍රේක්ෂක ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2022 11:02

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo