මාවුස්සා කැලේ ජලාශයට යට වූ නටඹුන් යළි මතුවෙයි
Related Articles
මධ්‍යම කදුකරයට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මාවුස්සා කැලේ ජලාශය සිදී යාමත් සමඟ මස්කෙලිය නගරයේ නටඹුන් මතුව තිබෙනවා.
ජාතික විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණය යටතේ පාලනය වන මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම ඊයේ පස්වරුව වන විට වාර්තා වුයේ පිටාර මට්ටමේ සිට අඩි 36ක් පහළ ගොස් ඇති බවයි. ජලය සීඝ්‍ර යෙන් සිදී යාම හේතුවෙන් පැරණි මස්කෙළිය නරගයේ නටඹුන් සියල්ල මතුව තිබෙනවා. අක්කර අඩි 95400කින් යුත් ජල ධාරිතාවක් සහිත මාවුස්සාකැලේ ජලාශය සිදී යාම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කරන ලක්ෂපාන, නව ලක්ෂ පාන පොල්පිටිය හා කැනියොන් බලාගාර ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.