ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සපුගස් කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ පරික්ෂණයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් ළග තිබී රුපියල් ලක්ෂ 18ක් වටිනා ත්‍රි රෝද රථ අමතර කොටස් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් සොරකම් කළ අමතර කොටස්වල වටිනාකම තිස් දෙලක්ෂ පනස් නව දහස් හත්සිය හැටකට වැඩි බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 25, 29 මෙන්ම 30, 31 යන වයස් කාණ්වල පසුවන්නන්. ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.