එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ පාගමන හා සත්යග්රහය කොළඹ හයිඩ් පිටියේදී අද පැවැත්වුණා.
අදුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟාතාවක්, ජාතික ප්රතිපත්තියක් සකස් කරමු යන තේමාව යටතේ පාගමන හා සත්යග්රහය පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. එම පක්ෂයේ ක්රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් හා වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ද මීට එක්ව සිටියා.