මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ නව දෙමහල් ප්‍රේක්ෂකාගාරය සහ සාප්පු සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 60 ක් වැය කෙරෙනවා. ප්‍රේක්ෂකාගාරයට අමතරව ගාලු පාරට මුහුණලා සාප්පු සංකීර්ණයක් ද ඉදි කෙරෙනවා. අමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. මොරටුව මහනගර සභා පරිශ්‍රයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ද නාමල් රාජපක්ෂ මහතා විවෘත කළා. ඒ සදහා රුපියල් මිලියන දහසයක් වැය කෙරුණා. මෙම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් සහභාගී වුණා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WwraWEoD2bU”]