fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බවට රුසියාවෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2022 15:55

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බවට රුසියාවෙන් ප්‍රකාශයක්

ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 12 දෙනෙකු ඉවත් කිරීමට ඇමෙරිකාව ගත් තීරණයෙන් පසුවයි රුසියාව මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ. වොෂින්ටනය පසුගිය මාසයේ ජාතික ආරක්ෂක අවශ්‍යතා මත නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හරින බව දැනුම් දුන්නා. පසුව රුසියා විදේශ අමාත්‍යාංශය රුසියාවේ එක්සත් ජනපද තානාපතිවරයා කැඳවා ජනාධිපති ජෝ බයිඩ්න් රුසියා නායක ව්ලැඩිමිර් පුටින් යුද අපරාධකරුවෙකු ලෙස ලේබල් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටින බවයි දැනුම් දී ඇත්තේ. රුසියාවේ මෙම ප්‍රකාශයෙන් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් කී දෙනෙකුට මෙය බලපානු ඇද්ද යන්න හා මෙය ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2022 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්