චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ සාර්ථකව පැවැත්වේ
Related Articles
චීන ගගනගාමීන් තිදෙනෙකු විසින් පවත්වනු ලැබූ දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ ඊයේ (23) සවස චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. එම මධ්‍යස්ථානයේ චීන ගගනගාමීන් වන, චයි චීගාන්ග්, වං යාපිං සහ යේ ගුවාන්ෆූ, එම පන්තිය මගින් අභ්‍යවකාශ විද්‍යාත්මක දැනුම් බෙදා දී තිබිණ.
විනාඩි 45ක් පුරා පැවති පන්තියේ දී, ගගනගාමීන් තිදෙනා සරල විස්තරවලින් විද්‍යාත්මක පරීක්ෂණවල සංසිද්ධිය පහදා දුන් අතර, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක පහසුකම් විග්‍රහ කිරීම සිදු කළහ. අනතුරුව ඔවුහු වීඩියෝ තාක්ෂණයෙන් පෘථිවියේ සිසු සිසුවියන් සමග අදහස් හුවමාරු කර ගත්හ. චීන මාධ්‍ය සමූහය මගින් මෙම පන්තිය සජීවීව විකාශ කෙරිණ. චීන විද්‍යා තාක්ෂණාගාරයේ, චීනයේ ටිබෙට් ස්වායත්තයේ ලාසා නගරයේ හා ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උරුමුචි නගරයේ වෙන් වෙන්ව පෘථිවි ශාඛා පන්ති තුනක් ඊට සමගාමීව පැවැත්විණ.