fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලෙක්සි නවාල්නිට වසර 9ක සිර දඬුවමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 14:40

අලෙක්සි නවාල්නිට වසර 9ක සිර දඬුවමක්

රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන අලෙක්සි නවාල්නිට වසර නවයක සිර දඩුවමක් පැනවීමට එරට අධිකරණය තීන්දුකර තිබෙනවා.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ වංචා හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවකට වරදකරුවීම හේතුවෙනුයි මෙම සිරදඩුවම පනවා ඇත්තේ. පසුගිය වසරේ ජර්මනියේ සිට රුසියාවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැණුනු අතර පසුව නවාල්නිට විරුද්ධව නඩු පවරනු ලැබුවා. නවාල්නිට අයත් සංවිධානයකින් ඇමෙරිකා ඩොලර් මිලියන පහකට ආසන්න මුදලක් ඔහුගේ පෞද්ගලික පරිහරණයට ගැනීම එල්ල වූ චෝදනාවයි. ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඔහු මේ වනවිටත් වසර තුනහමාරක සිර දඩුවමකට යටත්ව බන්ධනාගාර ගතව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්