ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට තරඟ තහනමක්
Related Articles
ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිටුවූ තහනම් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ජේසන් රෝයිට පැනවූ මෙම තහනමට අමතරව පවුම් 2,500 ක දඩ මුදලක් ද පනවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තහනම පිළිබද නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ඔහුවම අපකීර්තියට පත්කළ හැකි ආකාරයෙන් ජේසන් රෝයි හැසිරී ඇති බවයි. එහෙත් එංගලන්ත ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ ජේසන් රෝයිගේ වරද කුමක් ද යන්න නිශ්චිතව පැහැදිලි කර නැහැ. ඔහුට පැනවූ දඩ මුදල ලබන 31 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතුද වනවා. ජේසන් රෝයි මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන බවට දැනුම්දී පසුව ඉන් ඉවත්වුණා.