fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව දූෂිතම නගරය ලෙස දිල්ලි නගරය අඛණ්ඩව 04 වන වරටත් නම් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 13:41

ලොව දූෂිතම නගරය ලෙස දිල්ලි නගරය අඛණ්ඩව 04 වන වරටත් නම් කෙරේ

ලොව දූෂිතම නගරය ලෙස ඉන්දියාවේ දිල්ලි නගරය අඛණ්ඩව හතරවන වරටත් නම්කර තිබෙනවා.

2021 වසරේ දී ලොව වැඩිම වායු හා පරිසර දූෂණයක් සහිත නගරය ලෙස ඉන්දියාවේ දිල්ලි නගරය නම්කෙරුණා. සිවිට්සර්ලන්තය සිදුකළ සමීක්ෂණයක් ඇසුරෙන් එළිදැක්වූ වාර්තාවකයි ඒ බව දැක්වෙන්නේ. විෂ වායු හේතුවෙන් වසරකට ඉන්දියාවේ මිලියන ගණනක් මියයාම පාලනය කිරීමට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ඉක්මනින් ගතයුතු බව එම වාර්තාවේ සඳහන් වනවා. විෂ වායු හේතුවෙන් දිල්ලි නගර වැසියන් පිළිකා හා හෘද රෝග වැනි මාරාන්තික රෝගාබාධ ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්