fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්බුදවලට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 12:21

අර්බුදවලට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

වත්මන් ආර්ථික ගැටලුවට විසදුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සදහා වන සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ජනාධිපතිතුමා කැද වූ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති මන්දිරයේදීයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්, කදුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, යන පක්ෂවල නියෝජිතයන් සර්ව පාක්ෂික සමුළුවට එක්ව සිටිනවා.

එසේම ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හවුල්කාර පක්ෂ 11 ක් නියෝජනය කරමින් ඊට සහභාගී වනවා.  සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය සහ ඉලංගෙයි තමිල් අරසු කච්චිද සමුළුවට එක්ව සිටිනවා. සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබා දෙන ජාතික ජනබලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය, සමුළුවට සහභාගී වූයේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2022 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්