fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන  බව දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2022 17:28

ශ්‍රී ලංකා මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන  බව දැනුම් දෙයි

සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

ශ්‍රී ලංකා මහජන පක්ෂය,  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද  අද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන  බව දැනුම් දී තිබුණා.

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්ව පාක්ෂික සමුළුව කැදවා තිබුණා. ඊට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්,  එක්සත් ජාතික පක්ෂයේත් පූර්ණ සහාය පළවුණා.

සමුළුව සදහා සහභාගී නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊයේ පස්වරුව වන විට ප්‍රකාශ තිබුණා. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ජතික ජනබලවේගය ද  සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන  බවයි දැනුම් දී ඇත්තේ. එමෙන්ම සමගි ජනබලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව ඊයේ පස්වරුවේ දැනුම් දුන්නා. තවත් පක්ෂ කිහිපයක් මෙතෙක් සිය අවසන් තීරණය දැනුම් දී නැති බවයි වාර්තා වන්නේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිවරයා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන බව දන්වා සිටින අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් දන්වා සිටින්නේ සමුළුවට සහභාගී නොවන බවයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන්වන විමල්වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය සමුළුවට සහභාගී නොවුනත් ඔවුන් නියෝජනය කරන පක්ෂවල යෝජනා සහ නිර්දේශ පක්ෂ 11 ක් නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ. ඔවුන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න මහතා කියා සිටින්නේ පක්ෂ භේද නොසලකා පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්වයන් එකට එක්වී අර්බුදයට විසදුම් ගෙන ඒමට කැප විය යුතු බවයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2022 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්