උදය ගම්මන්පිල කමිටු සභාපති ධූරයකින් ඉවත් වේ
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයන් ද ඉවත් වී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම තනතුරට ගම්මන්පිල මහතා පත් කර තිබූණා. අද පෙරවරුවේයි ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන්නේ.
මේ වන විට බලශක්ති අමාත්‍යධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ කමිටු සභාපති ධුරයේ තවදුරටත් රැදී සිටීම නුසුදුසු බව තමන් තීරණය කළ බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ.