නාවික දැවිතෙල් ප්‍රවාහනය කරන බවුසර් රියදුරන් සහ සහායකයින් වෙනුවෙන් පාඨමාලාවක්
Related Articles
එක් එක් ආන්ඩුවලට චෝදනා නොකොට සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් සාර්ථකත්වයට ළගා විය හැකි බව වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය නිතීඥ මොහාන් පී. ද සිල්වා මහතා පවසනවා.
නාවික දැවි තෙල් ප්‍රවාහනයේදී මාර්ග ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව පිළිබද පුහුණු පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම පාඨමාලාව තුලින් නැව්වල දැවිතෙල් ඇතුළු අපද්‍රව්‍ය මුහුදට බැහැර නොකොට කළමනාකරණය කර ප්‍රතිචක්‍රීයකරණය කිරීම තුළින් පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි. අධිකාරියට සම්බන්ධ ලියාපදිංචි නාවික දැවිතෙල් ප්‍රවාහනය කරන ආයතන 28 ක බවුසර් රියදුරන් සහ සහායකයින් වෙනුවෙනුයි මෙම පාඨමාලාව ක්‍රියාත්මක වුණේ. නාවල සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්වුණේ.