බලශක්ති ඇමතිගේ රියැදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Related Articles
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පෞද්ගලික රියදුරා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත කැස්බෑව පොලිස් වසමේ ගම්මානවත්ත පාර මාවිත්තර ප්‍රදේශයේ දී පොල්ලකින් සහ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණා.
මිය ගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියක් වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනය කර තිබුණා. එම අවස්ථාවේදී ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරා එසේ ඒ ආකාරයෙන් යතුරුපැදිය ධාවනය නොකරන ලෙසට ඔහුට දැනුම් දීමක් කර තිබෙනවා. එයින් උරණ වූ යතුරුපැදිකරු, ඔහුගේ පියාත්, වැඩිමහල් සොහොයුරත්, මවත්, තවත් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ රියදුරාට පොල්ලකින් සහ කඩුවකින් පහරදී ඝානය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.