fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සර්වපාක්ෂික සමුළුව හෙට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2022 09:26

සර්වපාක්ෂික සමුළුව හෙට

සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වෙනවා.

සමුළුව සදහා සහභාගී නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊයේ පස්වරුව වන විට ප්‍රකාශ තිබුණා. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය/ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන්ගේ නායකයත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ජතික ජනබලවේගය ද  සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන  බවයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම සමගි ජනබලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව ඊයේ පස්වරුවේ දැනුම් දුන්නා. එහෙත් මෙම සමුළුවට තම පක්ෂය එක්වන බවයි එක්සත්ජාතික පක්ෂය සදහන් කළේ. තවත් පක්ෂ කිහිපයක් මෙතෙක් සිය අවසන් තීරණය දැනුම් දී නැති බවයි වාර්තා වන්නේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන්වන විමල්වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය සමුළුවට සහභාගී නොවුනත් ඔවුන් නියෝජනය කරන පක්ෂවල යෝජනා සහ නිර්දේශ පක්ෂ 11 ක් නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ. ඔවුන්ගේ එම නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2022 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්