යුක්රේනයේ සිට පලා එන සරණාගතයින්ට නොමිලේ දුම්රිය ගමන් පහසුකම් ලබාදීමට යුරෝපා රටවල් තීරණය කර තිබෙනවා.
යුද ගැටුම් ඇතිවීමත් සමග මිලියන ගණනක ජනතාවක් මේ වනවිට යුක්රේනය හැරදමා යුරෝපීය රටවලට පලායමින් සිටිනවා. චෙක් ජන රජය, පෝලන්තය ඇතුළු අසල්වැසි රටවල් ගණනාවක පූර්ණ සහයෝගය යුක්රේන සරණාගතයින් වෙත හිමිවුණා. ඔස්ට්‍රියාවේ වියානාහි සිට ක්‍රියාත්මක වන දීර්ඝ දුම්රිය සේවා බොහෝ සරණාගතයින් භාවිත කරන බවයි හෙළිවී ඇත්තේ. සෑම දිනකදීම බුඩාපෙස්ට් හෝ ක්රකෝව් නගරවල සිට යුක්රේන සරණාගතයින් හාරදහසකට වැඩි සංඛ්‍යාවක් රාත්‍රී දුම්රියෙන් ගමන් කරන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.