ගොඩකවෙල බිබිලෙගම මාර්ගයේ සංවර්ධන කටයුතු නවතාදැමීම හේතුවෙන් ජනතාව අපහසුතාවක
Related Articles
ගොඩකවෙල බිබිලෙගම ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු අදාළ කොන්ත්‍රාත් සමාගම අතරමග නවතාදැමීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව තිබෙනවා.
රුපියල් කෝටි 13 ක් වැයකර ඉදිකෙරෙන මෙම මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කර වසරකට වැඩි කාලයක් ගතවී ඇති බවයි ජනතාව සදහන් කරන්නේ. ඉදිකිරීම් අවසන් නොවීම නිසා දැඩි දූවිල්ලක් ඇතිවීමෙන් මාර්ගයේ ගමනාගමනය ඉතා දුෂ්කර වී තිබෙනවා. දෛනිකව බස් රථ 4 ක් මෙම මාර්ගයේ ධාවනය වන අතර වෙනත් වාහන ද දහස් ගණනක් ගමන් කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව ගම්වාසීන් සදහන් කරනවා. ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා පැවසුවේ අදාළ සමාගම අත්තිකාරම් මුදල් පවා ලබාගෙන තිබුණද සංවර්ධන කටයුතු අතරමග නතර කර දමා ඇති බවයි.