fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සම්බාධක පැනවූවත් රුසියා ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ – රුසියාව කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2022 11:55

ජාත්‍යන්තර සම්බාධක පැනවූවත් රුසියා ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ – රුසියාව කියයි

ජාත්‍යන්තර සම්බාධක පැනවූවත් රුසියාව එම සීමාවන් යටතේ කෙසේ ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව අවබෝධයක් ඇති බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් පවසනවා.

එම බටහිර සම්බාධක හමුවේ රුසියා ආර්ථිකය කඩා වැටෙන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.2008, 2014, 2018 යන වසර වලදී රුසියාව අර්බුද, සම්බාධක, තර්ජන සහ දේශපාලන බලපෑම්වලට මුහුණ දී ඇති බවත් රුසියාවට දුසිම් ගණනක් සම්බාධක පනවා ඇති බවත් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිවරයා පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් තම රටෙහි ආර්ථිකය බිඳ වැටෙන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

මරියුපෝල් නගරයේ ගැටුම් තීව්‍ර අතට පත්ව තිබෙනවා. එම නගරයේ විදීවල වෙඩි හුවමාරු වීම් තවදුරටත් සිදුවන බවයි වාර්තා වන්නේ. රුසියානු හමුදාවල අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් යුක්රේන වැසියන් මුදා ගැනීමට අපහසු වී ඇති බවයි මරියුපොල් නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළේ. මරියුපොල් නගරයට සිදු කර ඇති විනාශය යුධ අපරාධයක් ලෙස සැලකිය හැකි බව යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසනවා. මරියුපෝල් නගරය ඉතා සාමකාමී නගරයක් වන අතර රුසියාව සිදු කළ ආක්‍රමණය සියවස් ගණනාවකට මතක තබා ගත හැකි භීෂණයක් බවයි යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. දින ගණනාවක් අඛණ්ඩව රුසියාව මරියුපෝල් නගරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ජනතාව ඉවත් කිරීමට අපහසු වී ඇති අතර යුක්රේන හමුදා අංශ සමාජිකයින්ගේ සිරුරු එම ස්ථානවලින් ඉවත් කර ගැනීමට පවා අපහසුවී තිබෙනවා.

මේ අතර යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට ද රුසියාව අඛණ්ඩව ෂෙල් වෙඩි පුහාර එල්ල කරමින් සිටිනවා. යුක්රේනයේ මයිකොලිව් නගරයේ හමුදා බැරැක්කයකට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේන සොල්දාදුවන් 45 දෙනකු ජිවිතක්ෂයට පත්වුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2022 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්