fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනයට සහාය දෙන්නැයි රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි – ශ්‍රී ලංකාණ්ඩුව නිහඬයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2022 19:48

යුක්‍රේනයට සහාය දෙන්නැයි රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි – ශ්‍රී ලංකාණ්ඩුව නිහඬයි

යුක්‍රේනයට සහාය දක්වන ලෙස බටහිර රටවල් 14ක තානාපතිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, කැනඩාව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම ඉල්ලීම සිදුකළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

පසුගිය කාල වකවානුව තුලදී රුසියාව ජාත්‍යන්තර සබදතාවලදී ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයනේ ද ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමුවී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

බටහිර රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පීඩනයන් එල්ලවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව අවස්ථා ගණනාවකදී පෙනී සිටියා.

වෙළෙද, වාණිජ හා ආරක්ෂක කටයුතු වලදී රුසියාව සිය සමීප හිතවතෙකු ලෙසයි ශ්‍රී ලංකාව සලකන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2022 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්