ආනයනික භාණ්ඩ කිහිපයකම බද්ද ඉහළට
Related Articles
ආනයනික පළතුරු ඇතුළු භාණ්ඩ කිහිපයක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයි මෙම බදු ඉහළ නැංවීම සිදු කර තිබෙන්නේ.
මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 06 ක් සදහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. යෝගට්, බටර්, චීස්, රට ඉදි, දොඩම්, මිදි, ඇපල් සහ වෙනත් පළතුරු වර්ගවල යි මෙලෙස බදු ඉහළ නංවා ඇත්තේ.
මේ අනුව යෝගට් බටර් කිරිවලින් නිපදවූ තැවරුම් ආදියහි බදු ඉහළ නංවා ඇත්තේ කිලෝග්‍රෑමයකට රුපියල් දහස දක්වායි. චීස් වර්ගසදහා විශේෂ වෙළද බද්ද කිලෝග්‍රෑමකට රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා. රට ඉදි සහ දොඩම් කිලෝග්‍රෑමයක් සදහා බද්ධ රුපියල් 200 දක්වා ද ඇපල් මිදි සහ වියළි මිදි මෙන්ම සෙසු ආයනික පළතුරු සදහා බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 300 දක්වා ඉහළ නංවා ඇති බවයි මුදල් අමාත්‍යාශය පවසන්නේ.