fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් ඇෆ්ගනිස්ථානයට‍ යළිත් ආධාර

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2022 09:24

චීනයෙන් ඇෆ්ගනිස්ථානයට‍ යළිත් ආධාර

චීන රතු කුරුස සමාජය ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජයට ද්‍රව්‍යමය ආධාර සපයයි.

චීන රතු කුරුස සමාජය ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජය වෙත සහනාධාර ද්‍රව්‍ය භාරදීමේ උත්සවය ඊයේ (16) ඇෆ්ගනිස්ථානයේ රතු චන්ද්‍රවංක සමාජ මූලස්ථානයේදී පැවැත්විණ. ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති වං යූ මහතා සහ රතු චන්ද්‍රවංක සමාජයේ
සභාපති Matiul Haq Khalis මහතා ඇතුළු පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.

ඇෆ්ගනිස්ථානයේ සාමාජීය සහ ජනතාවගේ ජීවනෝපායන්හී පවතින දුෂ්කරතා සමනය කිරීමට උපකාර කිරීම සඳහා, චීනයේ රතු කුරුස සමාජය ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වං යූ මහතා එහිදී පැවසීය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර,
අධ්‍යාපන සහ ජීවනෝපායට අදාළ වන ද්‍රව්‍ය තොගයක් චීන රතු කුරුස සමාජය ඇෆ්ගනිස්ථානයට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මෙවර තවත් පිටි තොගයක් ඇෆ්ගනිස්ථානයට පරිත්‍යාග කර ඇත. වත්මන් නව කොරොනා වසංගතය හා ජාත්‍යන්තර තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර ආහාර මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. චීනය තවමත් පැකිලීමකින් තොරව ඇෆ්ගනිස්ථානයට සහාය ලබා දීමෙන් චීන රජයේ හා චීන ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කෙරෙන බව වං යූ මහතා සඳහන් කළේය.

ඇෆ්ගනිස්ථාන විදේශ වත්කම් සියල්ල ඇෆ්ගන් ජනතාවට ආපසු ලබා දෙන ලෙසට ද චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව වං යූ මහතා තවදුරටත් පැවසීය.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2022 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්