fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2022 08:55

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පෝය අදයි.

සංසාර බැදීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කරගනිමින් බුදුරජාණන් වහන්සේ පළමුවරට රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කලේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකයි. එම ගමනට රහතන් වහන්සේ විසිදහසක් සහභාගී වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුන් වහන්සේ කිඹුල්වත්නුවරට වැඩම කරවා ගැනීමට ශුද්ධෝදන රජතුමා දහස බැගින් පිරිස් නව වතාවක් බුදුන් හමුවට යැවූ අතර එම සියලු දෙනා දහම් අවබෝධය ලබා සසුනට ඇතුළත් වුණා. අවසන් වරට යැවූ කාලුදායි ඇමතිවරයා ඇතුළු දහසක පිරිසද පැවිදි වී ශුද්ධෝදන රජුගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව උන් වහන්සේගේ කිඹුල්වත්පුර ගමන සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ශාක්‍යයන්ගේ මානය බිදීමට බුදුරජාණන් වහන්සේ මෙහිදී යමාමහ පෙළහර පෑ බවද සඳහන්. බුදුන්වහන්සේ දේශනාකළ වෙස්සන්තර ජාතකය ශ්‍රවණය කළ ශාක්‍යය වංශකයින් ධර්මාවබෝධය ලබාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. සත්හැවිරිදි රාහුල කුමරු පැවිදිකරවීම හා මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන්ඵලයට පත්වීම ද අද වැනි මැදින්පුර පෙහෝ දිනයේ සිදු වූ බව සඳහන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2022 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්