මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද මුණගැසුණා. ඒ ඉන්දියාවේ නවදිල්ලු නුවරදී.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමග සිටින බවයි. නවදිල්ලියේ පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමුවූයේ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් බවයි. එමෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක ක්ෂේත්රය සහ ධීවර ක්ෂේත්රය පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා.