කෝවිඩ් වසංගතයෙන් පසු පවත්වන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙලිය ඇරඹෙයි
Related Articles
කෝවිඩ් වසංගතයෙන් පසු පවත්වන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙලිය අද ආරම්භ වුණා.
සංචාරක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත රේඩ් ඇමසෝන් ශ්‍රී ලංකා විස්සයි විසි දෙක තරගාවලිය ආරම්භ වූයේ සීගිරිය ආශ්‍රිතවයි. විවිධාකාර ක්‍රීඩා ඉසව් ඊට අයත්. විශේෂයෙන් ත්‍රාසජනක හා විනෝදජනක ක්‍රීඩා ඒ අතර වනවා.
ප්‍රංශ ජාතික ක්‍රිඩිකාවන් 253 දෙනෙකු සහ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් 600 දෙනෙකු ඊට එක්ව සිටිනවා. පළමු අදියර අද සිට 22 වනදා දක්වාත් දෙවන අදියර ලබන 28 වනදා සිට අප්‍රේල් 06 වනදා දක්වාත් පැවැත්වීමට නියමිතයි. සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන්.