සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උපදෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය නිරීක්ෂණය කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා.
අද පෙරවරුවේ මෙම ප්‍රධාන ඉංජිනේරු ධාවන බල උප දෙපාර්තමේන්තුවට සහ මාලිගාවත්ත දුම්රිය අංගනයට පැමිණි ජනාධිපතිතුමා එම ආයතනයන්වල දෛනික ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළා. පවතින ගැටලු සහ අවශ්‍යතා පිලිබදව ද මෙහිදී ජනාධිපතිතුමා සේවකයන්ගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී බදවාගැනීමේ පටිපාටිවල හා උසස්වීම් පිළිබද ගැටලු මෙහිදී සේවකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. එහිදී ජනාධිපතිතුමා බලධාරින්ට කියා සිටියේ එම ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙසයි.
දුම්රිය එංජින් මැදිරි හා ගැල් පරික්ෂා කර සුදුසු පරිදි සකස් කර ධාවනය සදහා යොමු කිරීම මෙම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වනවා. එදිනෙදා කළයුතු අලුත්වැඩියාවන් සිදු කිරීම,වැඩි දියුණු කළ යුතු අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, එංජින් හා මැදිරි පරික්ෂා කර යෝග්‍යතාව සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන අනතුරු, පීලි පැනීම් හා වෙනත් ආපදාවලදී යළි දුම්රිය පීලිගත කිරිම මෙම ආයතනයේ වගකීම වනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා මෙන්ම ඉන්ධන ප්‍රවාහනය දුම්රිය යොදාගැනීමෙන් අත්වන ප්රතිලාභ ද මෙහිදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නා. අබලන් වූ දුම්රිය මැදිරි අලුත්වැඩියා කෙරෙන දෙමටගොඩ ආරාමය පාර පිහිටි තන්ත්‍රී ටේලර් පෞද්ගලික සමාගමේ යාන්ත්‍රික අංගනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.