ගෑස් සමාගම් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ගෑස් සමාගම් පවසනවා.
අප කළ විමසීමකදී ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ බෙදාහැරීම් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බවයි.
මේ අතර හෝමාගම නගරයේ මාර්ග තදබදයක් පැවතුණා. ඒ ගෑස් නියෝජිත ආයතනයක් ඉදිරිපිටට පැමිණි පිරිසක් ගෑස් නොමැතිවීම හේතුවෙන් මාර්ගය අවහිර කිරීමත් සමඟයි. එම සිද්ධිය සමථයකට පත් කිරීමට පොලිසියට මැදිහත් විමටද සිදු වුණා.