මහනුවර පැරණි රජ මාලිගාව හා පුරාවිද්‍යා කෞතුකාගාරයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.
ඇමෙරිකාව සහ මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇතිකරගත් එකඟතාවකට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ සඳහා ඇමෙරිකාව ඩොලර් දෙලක්ෂ හැටපන් දහසක් වැය කිරීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් ද ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වුණා. මෙවැනි ව්‍යාපෘති 14 ක් සඳහා ඇමෙරිකාව පසුගිය වසරේ සිට මෙරටට මුදල් සපයා තිබෙනවා. මහනුවර පැරණි රජ මාලිගාවේ සංරක්ෂණය හා පුරාවිද්‍යා කෞතුකාගාරය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුම ලෙස නම්කර තිබෙනවා.