fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය සංචාරකයින් සඳහා අද සිට විවෘත වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2022 09:47

නවසීලන්තය සංචාරකයින් සඳහා අද සිට විවෘත වෙයි

නවසීලන්තයේ ජාත්‍යන්තර දේශසීමා සංචාරකයින් සඳහා අද සිට විවෘත වන බව අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් නිවේදනය කරනවා.

වයිරසයට එරෙහි එන්නත් ලබාගත ඕස්ට්‍රේලියානු වැසියන්ට අප්‍රේල් 12 වනදා සිට ද අනෙකුත් රටවල සංචාරකයින්ට මැයි පළමුවනදා සිටද නවසීලන්තයට ඇතුළුවීමට අවසර හිමිවන බවයි මීට පෙර සඳහන් කර තිබුණේ. කෙසේ වුවද වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්වීමත් සමඟ විදෙස් සංචාරකයින්ට එරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට නවසීලන්ත බලධාරීන් තීරණය කළා. කෙසේ වුවද නවසීලන්ත ජාත්‍යන්තර දේශසීමා ලබන ඔක්තෝබර් මාසය වන තෙක් සම්පූර්ණයෙන්ම විවෘත නොකරන බව ද සඳහන්. එරටට ඇතුළුවන සෑම පුද්ගලයෙක්ම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර PCR පරීක්ෂණයක් මගින් වයිරසය වැළදී නොමැති බවද තහවුරු කළ යුතු වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2022 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්