fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ අවන්හලක පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 14:55

මෙක්සිකෝවේ අවන්හලක පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙක්සිකෝවේ සංචාරකයින් බහුලව ගැවසෙන කුවින්ටානා රූ ප්‍රදේශයේ අවන්හලක සිදුවූ ගෑස් කාන්දුවක් මෙම පිපිරීමට හේතුවී තිබෙනවා. පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු රෝහල් ගතකළ බවයි පොලීසිය සඳහන් කරන්නේ. මියගිය පුද්ගලයින් දෙදෙනා එම අවන්හලේ සේවකයින් බවද සඳහන්. තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 15 දෙනෙකු ද එම අවන්හලේ සේවකයින් වනවා. මේ ආකාරයටම 2010 හා 2018 වසරවලදී ගෑස් කාන්දු හේතුවෙන් සිදුවූ පිපිරීම්වලින් මෙක්සිකෝවට පැමිණි සංචාරකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්