අදත් විදුලි කප්පාදුව දහවල් සහ රාත්රී කාලයේදී අදියර දෙකක් වශයෙන් පැය 3යි විනාඩි 45ක කාලයක් සිදුකෙරෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට දහවල් කාලයේ පැය දෙකහමාරක් සහ රාත්රී කාලයේ පැය 1යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා. එමෙන්ම P,U,Q,R,S,T,U,V,W යන කලාප වලට දහවල් කාලයේ පැය දෙකක් සහ රාත්රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.