IMF සමග සාකච්ඡාවට රජය සූදානම්
Related Articles
රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට රජය සූදානම් බව අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.
අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල පුනර්ජීවනය සදහා එක්වරක් පමණක් ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත්කළ ජාතික ආර්ථික සභාවට සහායවීම සදහා උපදේශක කමිටුවක් ද පත් කෙරෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
වත්තල, මිල්ලන්ගහවත්ත ප්‍රදේශයේ නිවාස ඒකක 408 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිවුණා.