fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගේ උපදෙස් අනුව පුරන් කුඹුරු අස්වද්දමින් උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 10:41

අගමැතිගේ උපදෙස් අනුව පුරන් කුඹුරු අස්වද්දමින් උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක්

පුරන් කුඹුරු යළි අස්වද්දමින් පාරිසරික උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුවයි.

නව වැඩපිළිවෙළ යටතේ ගාල්ල හෝලුවාගොඩ පුරන් කුඹුරු යාය අස්වැද්දීමේ කටයුතු සිදුකෙරෙනවා. වසර 50 ක් තිස්සේ අත්හැර දමා තිබූ මෙම කුඹුරු යාය අස්වැද්දීමේ වැඩසටහන යටතේ හෝලුවාගොඩ දියදම් කෘෂි උද්‍යානය ද ඉදිකෙරෙනවා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙනුයි. මෙම උද්‍යානයට ද සංවර්ධන ව්‍යාපෘති 5 ක් අයත් වනවා. කෘෂි පාරිසරික උද්‍යානයක් නිර්මාණය කිරීම, ගංවතුර පාලනය, පුරන් කුඹුරු යළි අස්වැද්දීම, ඇවිදින මංතීරු ඉදිකිරීම සහ විනෝදාත්මක පහසුකම් සදහා යටිතල පහසුකම් සංවර්ධනය ඒ අතර වනවා. ජල තටාකය, ඇවිදින මංතීරු, හෙළ බොජුන්හල, ළමා උද්‍යානය සහ කඩකාමරවල ඉදිකිරීම් මේ වනවිට සියයට 50 කින්ම අවසන්. ඊට වැයකර ඇති මුදල රුපියල් මිලියන 342 ක්.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2022 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්