සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට දායක වෙමින් සෑම ප්‍රධාන නගරයකටම කිරි බෙදා හැරීමේ රථ
Related Articles
දියර කිරි ප්‍රචලිත කිරීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට දායක වෙමින් සෑම ප්‍රධාන නගරයකටම මිල්කෝ ආයතනයේ ජංගම දියර කිරි බෙදා හැරීමේ රථ යෙදවීමට පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එහි ආරම්භය ලෙස ලබන මසදී කොළඹ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට මිල්කෝ දියර කිරි බෙදා හැරීමේ රථ යෙදවීමට නියමිතයි.
එම ව්‍යාපෘතියේම තවත් පියවරක් ලෙස සෑම ගමකටම දියර කිරි බෝතල් 100 ක් ලබා දීමට මිල්කෝ ආයතනය කටයුතු කර තිබෙන අතර, රු.150 ක් වැනි අඩු මුදලකට මෙම දියර කිරි බෝතල් ලබා දීම සිදුවනවා.
මෙහි දී අදාළ ග්‍රාමයේම ජිවත්වන පුද්ගලයෙකු වෙළඳ නියෝජිතයා ලෙස තෝරාගෙන ඔහු හරහා නිවසටම දියර කිරි බෙදා හැරීම සිදු කෙරෙනවා. මෙමඟින් සැම ගමකට කිරි අලෙවිකරුවෙක් සඳහා රැකියා අවස්ථාවක්ද නිර්මාණය වනවා. මෙහි දී ඔහුට දිනකට රු.1000 ක පමණ අමතර ආදායමක් උපයා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.