fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුධ හමුදා සෙබළුන් විසින් ඉදිකළ මාතර පරවි දුපතට පිවිසෙන විකල්ප පාලම විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2022 15:06

යුධ හමුදා සෙබළුන් විසින් ඉදිකළ මාතර පරවි දුපතට පිවිසෙන විකල්ප පාලම විවෘත කෙරේ

මාතර රන් දූපතට පිවිසීම සදහා ශ්‍රී  ලංකා යුද හමුදාව ඉදිකළ තාවකාලික පාලම අද විවෘත කෙරුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මාතර රන් දූපතට පිවිසෙන පාලම පසුගිය 04 වනදා පස්වරුවේ කඩා වැටුනා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමාගේ නියමය අනුව මාස06 ක කාලය තුළදී ස්ථිර පාලමක් ඉදිකිරීම සදහා මේ වන විටත් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.එම පාලම ඉදිකර අවසන් කරන තුරු තාවකාලික පාලමක් නිර්මාණය කිරීමටයි ශ්‍රී ලංකා යුද හමුදා කටයුතු කළේ. සෙබලුන් 125 දෙනෙකුගෙව් යුතු කණ්ඩායමක් දින 07 ක කාලයක් තුළදී කොන්ක්‍රීට් වළලු මත ලයිට් කනු අතුරා ඒ මතින් කොංක්‍රීට් අතුරා මෙම විකල්ප පාලම ඉදි කර තිබෙනවා.  යුද හමුදාවේ රෙජිමේන්තු කිහිපයක දායකත්වය ඇතිවයි එය ක්‍රියාත්මක කෙරුණේ.සියම් මහානිකායේ රෝහණ පාර්ශ්වයේ විනය කර්ම සිදු කරන උපෝසතාගාරය පිහිටා ඇත්තේ ද මෙම රන් දූපතෙයි.

තාවකාලික පාලම විවෘත කීරීමේ අවස්ථාවට  රෝහණ පාර්ශ්වයේ වැඩබලන මහානායක අතිපූජ්‍ය අගලබඩ පියසිරි ස්වාමීන්වහන්සේ, අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ ඇතුලු මහාසංඝරත්නය වැඩම කර සිටියා. සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් නිල සන්නස් පත්‍රය යුද හමුදාපතිවරයා වෙත පිලිගැන්වීම මෙහිදී සිදු වුණා. යුද හමුදාපතිවරයා විශේෂ සමරු තිළිණයක්ද මහා නාහිමියන් වෙත පිළිගැන්වූවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2022 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්