fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේනයට ඩොලර් බිලියන 13.6 ක ආධාර ලබාදීමට ඇ‍මෙරිකා ජනපති තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2022 18:32

යුක්රේනයට ඩොලර් බිලියන 13.6 ක ආධාර ලබාදීමට ඇ‍මෙරිකා ජනපති තීරණය කරයි

යුක්රේනයට ඇමෙරිකා ඩොලර් බිලියන 13.6 ක ආධාර ලබාදීමට තීරණය කළ බව ඇ‍මෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අද නිවේදනය කළා.

යුක්රේනයේ යුද කටයුතු සදහා මිග් ප්‍රහාරක ජෙට් යානා 20 ක් පිරිනැමීමට පෝලන්තය පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් ඊට සහාය දැක්වීම ඇමෙරිකාව පසුගියදා ප්‍රතික්ෂේප කළා. ඒ අදාළ යානා ජර්මනියේ පිහිටි ඇමෙරිකාවට අයත් රැම්ස්ටයින් හමුදා කදවුර වෙත යොමු කිරීමට පෝලන්තය අවසර ඉල්ලා තිබීම හේතුවෙන්. මිග් යානා පිළිබද මතභේදය එසේ පවතිද්දී ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් පෝලන්තයේ වොර්සෝ නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2022 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්