රුසියා – යුක්රේන විදේශ අමාත්‍යවරුන් තුර්කියට පැමිණෙයි
Related Articles
සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් රුසියා සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් තුර්කියට පැමිණ සිටිනවා.
තුර්කියේ ඇන්ටාලියා නුවරට පැමිණි රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොප් සහ යුක්රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුම්ලේ තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කවුසොග්ලු විසින් උනුසුම් ලෙස පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සාකච්ඡාව තුර්කි ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පැවැත්වෙනවා.
රුසියා යුක්රේන අර්බුදයෙන් පසු දෙරටේ විදේශ අමාත්‍යවරුන් මුහුණට මුහුණ හමු වන පළමු අවස්ථාවද මෙය ලෙසයි සැළකෙන්නේ. මෙම සාකච්ඡාවට පෙර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික පිරිස් සාකච්ඡා වට තුනක්ද පවත්වා තිබෙනවා.