ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත්තා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
Related Articles
රට තුළ ඖෂධ හිගයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. කටකතාවලට නොරැවටෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
දිවයින පුරා විවිධ ඖෂධ වර්ග හිගයක් පවතින බවට වාර්තා පළවුණා. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ද ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ ඖෂධ වර්ගවල හිගයක් ඇතිවිය හැකි බවයි. ඒ අතර පැරසිටමෝල් ඖෂධයේ හිගයක් පවතින බවටද විවිධ ප්‍රචාර සිදුවෙමින් පවතිනවා. ලෝක වෙළෙදපොලේ පැරසිටමෝල් නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් සමග පැරසිටමෝල් මිලෙහි යම් වැඩිවීමක් සිදුවුවත් හිගයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ 51 වන රාජ්‍ය ඔසුසල හෝමාගමදී විවෘත කරමින්. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.