fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුතුරාජවෙලින් ගෑස් බෙදීම ඇරඹේ

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 12:18

මුතුරාජවෙලින් ගෑස් බෙදීම ඇරඹේ

මුදල් ගෙවා ඊයේ දිනයේ නිදහස් කරගත් ගෑස් මෙට්‍රික් ටොන් දෙදහස් හයසීයක් අඩංගු නෞකාවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවනවා.

මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය හරහා අඛණ්ඩව මෙම බෙදාහැරීම් කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.

පවතින ඩොලර් අර්බුදය හමුවේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නෞකා තුනෙන් එක් නෞකාවක් නිදහස් කර ගැනීමට ඊයේ දිනයේ දී හැකිවුණා. එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 2,600 ක් අඩංගු වනවා. මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත එහි ගෑස් ගොඩබෑම ඊයේ පස්වරුවේම ආරම්භ කෙරුණා. එමෙන්ම එම ගබඩා සංකීර්ණයේ සිට දිවයින පුරා ගෑස් බෙදාහැරීම මේ වනවිට සිදුවනවා. නැංගුරම්ලා ඇති අනෙක් නෞකා දෙකේ පිළිවෙළින් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් සහ 3,700 ක් වශයෙන් අඩංගුවනවා.

අදාළ ගෙවීම් කටයුතුවලින් පසුව එම නෞකාවල ද ගෑස් ගොඩබෑමට හැකිවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්