fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත ධාරිතාව අඛණ්ඩව වසර 12ක් පුරා ලොව පළමු ස්ථානයේ

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 12:31

චීන නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත ධාරිතාව අඛණ්ඩව වසර 12ක් පුරා ලොව පළමු ස්ථානයේ

චීන නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත ධාරිතාව වසර 12ක් පුරා ලෝකයේ පළමු ස්ථානයේ රැ‍ඳී තිබෙන බව චීන කාර්මික හා තොරතුරු කර්මාන්ත අමාත්‍ය Xiao
Yaqing මහතා පවසයි.

බෙයිජිං අගනුවර පැවැත්වෙන සැසිවාර දෙකේ “අමාත්‍යවරුන්ගේ සාකච්ඡා මාර්ගයට ” එක් වෙමින් ඔහු ඒ බව පැවසීය. දැනට චීනය සතුව නිෂ්පාදන කර්මාන්ත ප්‍රධාන කාණ්ඩ 31 ක්, මධ්‍යම කාණ්ඩ 207 ක් සහ සුළු කාණ්ඩ 666 ක් තිබේ. මෙවන් අංගසම්පූර්ණ නිෂ්පාදන කර්මාන්තයක් ගෝලීය වශයෙන් අද්විතීය බවත්, එය චීනයේ කාර්මික ආර්ථිකය හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රබල පිටුබලයක් ලබා දී ඇති බවත්, Xiao Yaqing මහතා කියා සිටියේ ය.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2022 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්