fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් ප්‍රාන්තයේ පාසල් සිසුන් මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 15:26

නිව්යෝර්ක් ප්‍රාන්තයේ පාසල් සිසුන් මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය නැහැ

පාසල් සිසුන් මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති ඉවත් කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් පියවර ගත්තා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ පාසල් තුළදී මුඛ ආවරණ භාවිත කිරීම හා එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම  අනිවාර්ය වන්නේ නැහැ. ප්‍රාන්ත බලධාරීන්ගේ මෙම තීරණය ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. වසර දෙකකට අධික කාලයක් මුඛ ආවරණ භාවිතා කිරීම තුළින් තමා දැඩි අපහසුතාවට පත්ව සිටි බව ඇතැමුන් පවසනවා. එමෙන්ම ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන හා සාප්පු සංකීර්ණ වැනි ස්ථාන තුළට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත පරීක්ෂා නොකිරීමට ද නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්