fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරොනා වසංගත මූල්‍ය සහන සැලසීම් ව්‍යාප්ත කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 14:13

කොරොනා වසංගත මූල්‍ය සහන සැලසීම් ව්‍යාප්ත කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව තීරණය කරයි

නව කොරොනා වසංගත පුනරුත්ථාපන අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා ව්‍යාප්ත කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව
තීරණය කරයි.

එම බැංකුවේ සාමාජික රටවලට ගෝලීය දරුණු වසංගත තත්ත්වය හා ආර්ථික පුනරුත්ථාපන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ අරමුදලේ මුදල් සැපයීමේ ඉල්ලුම් කාලය 2023 වසරේ අවසානය දක්වා දිර්ඝ කිරීම සම්මත කර ඇත.
මූල්‍ය අනුබලය හරහා සාමාජික රටවල වසංගත තත්ත්වයෙන් මහජන සෞඛ්‍ය, ආර්ථීක හා මුල්‍ය පද්ධතියට එල්ල වූ බලපෑම් ලිහිල් කිරීම එම අරමුදලේ අපේක්ෂාවයි. අදාළ අරමුදලේ මුදල් සැපයීමේ ඉල්ලුම් කාලය දිර්ඝ කිරීමත් සමඟ අරමුදලේ සමස්ත මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 13 සිට බිලියන 20ක් දක්වා ව්‍යාප්ත කෙරිණ.

නව කොරොනා වසංගතයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ පියවරක් වන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ එම අරමුදල පසුගිය 2020 වසරේ අප්‍රේල් මස ස්ථාපිත කෙරිණ. ජගත් ප්‍රජව එකතුව නව කොරොනා වසංගතය මර්දනය කර සාමාජික රටවල මහජන සෞඛ්‍ය ආර්ථික යන ක්ෂේත්‍ර වල හදිසි මුල්‍ය සැපයුම සහතික කිරීම එම අරමුදලේ ප්‍රධාන අරමුණය.

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්