fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන හමුදාවට සහය දක්වන්න විදේශිකයින් රැසක් යුක්රේනයට

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 10:01

යුක්රේන හමුදාවට සහය දක්වන්න විදේශිකයින් රැසක් යුක්රේනයට

යුක්රේන හමුදාවට සහාය දක්වමින් සටන්බිමට පිවිසීමට විදේශිකයින් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් යුක්රේනයට පැමිණ ඇති බව වාර්තා වනවා.

යුක්රේනයට සහාය දැක්වීම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ මෙම පිරිස යුක්රේනයේ කියෙව් නගරය ආරක්ෂා කිරීම සදහා යොදවා සිටිනවා. ඔවුන් යුක්රේන හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම්වලට යොදවා ඇති බවයි වාර්තා වන්නේ. තමන්ට සහාය දැක්වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස විදෙස් සටන්කරුවන්ගෙන් යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සටන්වැදීම සදහා විසිදහසකට අධික සංඛ්‍යාවක් ඉල්ලුම්කර ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්