fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 09:09

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. රටකි දැයකි ලොවකි ඇය යන තේමාවෙන් මෙවරත් කාන්තා දින සැමරුම් පැවැත්වෙනවා.

1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවති පාගමනින් පසු පළමු වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණා. අනතුරුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිගැනීමට ලක් කළා.

මෙවර කාන්තා දිනය වෙනුවෙන් අද සිට මාසයක් පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කාන්තා දින  ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.  මීට සමගාමීව කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි පොළ විවෘත කිරීමට ද නියමිතයි. එළඹෙන 10 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා අනුරාධපුර, නුවරඑළිය, කළුතර, පුත්තලම, ගම්පහ, මන්නාරම කෑගල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලදී විවිධ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2022 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්