fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2022 17:16

රුසියා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රුසියාවට ප්‍රහාර එල්ලකිරීම සදහා තම ගුවන් කලාපය යුක්රේනයට ලබාදෙන ඕනෑම රටක් රුසියා යුක්රේන ගැටුමට මැදිහත්වූ රටක් ලෙස සලකන බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

රුසියා ප්‍රහාර මැඩපැවැත්වීම සදහා යුක්රේනයට ගුවන් යානා ලබාදෙන ලෙස එරට ජනාධිපතිවරයා ජාත්‍යන්තරයෙන් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි රුසියාව මේ බව ප්‍රකාශ කරන්නේ. යුක්රේනයේ වින්නෙට්සියා ගුවන් තොටුපොල සම්පූර්ණයෙන් විනාශ කිරීමට ද රුසියා හමුදාව සමත් වුණා. මේ අතර කියෙව් නගරයේ යුද පෙරමුණේ සිටින යුක්රේන හමුදා සෙබලෙකු හා සෙබලියක් විවාහ දිවියට එළඹුණ ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2022 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්