රුසියා යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියා ප්රංශ ජනාධිපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අතර මිනිත්තු 45 ක පමණ දුරකතන සාකච්ඡාවක් පැවති බව ප්රංශ ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා. කෙසේ වුවද සාකච්ඡාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිඳු කරුණක් ඔවුන් හෙළිකර නැහැ. නමුත් සම්පූර්ණ යුක්රේනයම රුසියා පාලනයට නතුවන තුරු සටන් පවතිනු ඇති බවටයි ප්රංශ ජනාධිපති මන්දිරය ඉගි පළකරන්නේ. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා හා සටන් විරාමයක් ගොඩනැගීමට ප්රමුඛව කැපවූ පුද්ගලයෙකු ලෙස ප්රංශ ජනාධිපතිවරයා හැදින්විය හැකියි.