යුක්රේනයට සහාය පළකරමින් විදෙස් ජාතිකයින් විසිදහසක් පමණ රුසියාවට විරුද්ධව සටන්බිමට පැමිණීමට අයැදුම්කර ඇති බව යුක්රේන විදේශ අමාත්‍යවරයා නිවේදනය කරනවා.
රුසියා ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා තමන්ට සහයෝගය පළකිරීමට කැමති සියලු දෙනා පැමිණෙන ලෙස යුක්රේන ජනාධිපතිවයා පසුගියදා ඉල්ලා සිටියා. ඒ අනුව යුක්රේන රජය විදෙස් සටන්කරුවන්ට ඉල්ලුම් කළ හැකි වෙබ් අඩවියක් ද හදුන්වාදුන් අතර ඒ හරහා විසිදහසක පමණ පිරිසක් අයැදුම්කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් රටවල් 52 කට අයත් බව යුක්රේන විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා. කෙසේ වුවද එම රටවල්වල නම් මේ වන තෙක් හෙළිකර නැහැ.