fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 222ක ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2022 18:26

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 222ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර මොහාලි හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ජයගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් රැස්කරගෙන සිටියදී පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට භාරකළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් රැස්කළේ සියලුදෙනා දැවී ලකුණු 178 ක් පමණයි.

දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 174 කට දැවී ගියා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෙන්වීමට සමත්වූ රවීන්ද්‍ර ජඩේජා පිතිකරණයෙන් ලකුණු 175 ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 9 ක් දවාගැනීම මෙම තරගයේ විශේෂත්වයක්. කිසියම් තරගයකදී ලකුණු 150 කට වැඩි සංඛ්‍යාවක් ලබාගනිමින් එම තරගයේදීම කඩුලු 5 කට වැඩි සංඛ්‍යාවක් දවාගත් ලොව 6 වෙනි ක්‍රීඩකයා බවට ද ඔහු පත්වුණා. තවත් එක් කඩුල්ලක් දවා ගැනීමට ජඩේජාට හැකිවූයේ නම් ලකුණු 150 ක් සහ කඩුලු 10 ක් එක් තරගයේදී දවාගත් ලොව එකම ක්‍රීඩකයා බවට පත්වීමේ හැකියාව ද ඔහුට ලැබෙනවා. තරගයේ වීරයාට හිමි සම්මානය හිමිවූයේ ද ජඩේජාටයි. ඉන්දීය කණ්ඩායමට යම් තරමක හෝ අභියෝගයක් එල්ල කළේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වාගේ සම්බන්ධතාවයි. මෙම තරගය විරාත් කෝලිගේ සිය වන ටෙස්ට් ක්‍රිකට් තරගය බවට පත්වුණා. රෝහිත් ෂර්මා නායකත්වය ලබාදුන් පළමු තරගය ද මෙයයි.

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා බැංගලෝර් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. එම තරගය ද ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2022 18:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්