ශ්‍රී ලංකාව සහ රුසියාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පසුගියදා පැවැත්විණි. රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ( මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ) ප්‍රධානීන්ද එක්වූ මෙම සාකච්ඡාව ඉතා සාර්ථක එකක් වූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සාකච්ඡාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මෙන්ම මෙරට රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් Anatasia Khokiova මහත්මියද එක් වූහ.
ඌව,වෙල්ලස්ස සරසවිය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සඳහා රුසියාවේ සහාය ලබාදීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. එමෙන්ම දෙරටේ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථාව ඉහළ නැන්වීම මෙන්ම ආචාර්යවරුන්ට අධ්‍යයන අවස්ථා ඉහළ නැන්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ. එමෙන්ම භාෂා සහ සංස්කෘතික අධ්‍යාපනයේ සහයෝගීතාව පිළිබඳවද සාකච්ඡා විය. රුසියාව සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර මීට වසර 40කට පෙර මාර්තු 03 වනදාවක අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන්ද මෙහිදී සිහිපත් කෙරිණි.
රුසියාව වෙනුවෙන් එරට මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා සරසවියේ) ජාත්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳ උප කුලපති Larisa Ivanovna Efrernova ඇතුළු එම විශ්වවිද්‍යාලයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් සෙනෙවිරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි උප සභාපති මහාචාර්ය චන්දන ප්‍රේමකුමාර උඩවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක් වූහ.